කන්සා සාරයෙන් නිෂ්පාදිත ඖෂධයක් ලංකාවටත්?

2019-01-12 01:06:00       606
feature-top
කන්සා( ගංජා) අමු ද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් ‍ෙ නිෂ්පාදනය සිදුකරන ඔස්ට්‍රේලියානු ඖෂධ සමාගමක් වන ක්රේසෝ ෆාර්ම සමාගම (Creso Pharma) තම නිෂ්පාදනයන් ලංකාවට හදුවා දෙමින් මෙරට වෙළඳපල තුල ව්‍යාප්ත කිරිමට මුලික පියවර ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ ඖෂධ සමාගමක් වන සියොකා හෙල්ත් සෞඛ්‍ය සේවය සමඟ  (Ceyoka Health serves) ක්රේසෝ ෆාර්ම සමාගම (Creso Pharma) මේ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ක්රේසෝ ෆාර්ම ඔස්ට්‍රේලියානු ඖෂධ සමාගමේ මුලික අරමුණ වි ඇත්තේ ඔවුන්ගේ නිෂ්පාදනයක් වන  කැන්නාෆෝර්ඩ් 50 (CannAFFORD 50) නම් ඖෂධය චිකිත්සක ඖෂධයක් ලෙස මෙරට තුල ප්‍රචලිත කිරිම සඳහා අනුමැතිය ලබා ගැනීමයි.

ඉන්පසුව සියොකා හෙල්ත් සෞඛ්‍ය සේවය සමඟ එක්වා එම ඖෂධය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කිරිමට ඔවනු බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඖෂධ බෙදාහැරීමේ සමාගමක් වන සීමාසහිත සීයෝකා හෙල්ත් සර්විස් සමාගම ඖෂධ වර්ග 1,800 ක් පමණ දිවයින පුරා ​​බෙදා හරිව බව වාර්තා වේ.

ක්රේසෝ ෆාර්ම සමාගම මූලිකවම අවධානය යොමු කරන ප්‍රධාන නිෂ්පාදන වන කැන්නාෆෝර්ඩ් 50 නම් ඖෂධය ලොසින්ජරයක් ලෙස හෝ පෙත්තක් හැඩයට නිෂ්පාදනය කරනු ඇති.

මෙම ඖෂධය නිදන්ගත රෝග වලින් ශරිරයට දැනේන වේදනාවන් සමනය කිරිම සඳහා වේදනා නාශකයක් ලෙස භාවිතා කළ හැකි බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.


(under the courtesy of adaderana.lk news web)

More News »