වරද පිළිගන්න කියමින් විදුහල්පතිනියගෙන් සිසුවියට දරුණු ප්‍රහාරයක්!සිසුවිය රෝහලය යැවූ ෆේස්බුක් ප්‍රශ්නය

2019-01-12 11:43:00       594
feature-top
මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන බාලිකා පාසලක විදුහල්පතිනියක් විසින් එම පාසලේ උසස් පෙළ හදාරමින් සිටි දැරියකට එල්ල කරන ලද පහරක් නිසා එම දැරිය මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තම යෙහෙළියක සමඟ ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගන්නා ලෙස පවසමින් විදුහල්පතිනිය විසින් මෙම පහරදීම සිදුකළ ඇති බවයි වාර්තා වන්නේ. අදාල විදුහල්පතිනිය විසින් සිසුවියගෙන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති අතර සිසුවිය තමන් ඊට සම්බන්ධ නැති බව කීවත් එම වරද පිළිගන්නා ලෙස බලකරමින් විදුහල්පතිනිය සිසුවියට පහර දී ඇති බවයි සිසුවියගේ මව පවසන්නේ.
 
 අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මව සහ දියණිය මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර  පැමිණිල්ල සිදුකරන අවස්ථාවේ සිසුවිය කනේ දරුණු වේදනාවක් ඇති බව පවසමින් කෑගසා තිබෙනවා. ඒ අනුව පොලිස් නිලධාරීන් සහ මව එකතු වී එම අවස්ථාවේදී සිසුවිය රෝහල් ගතකර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වමින් සිටින අතර විදුහල්පතිනියගේ කාමරයේ සවිකොට තිබූ සීසීටීවී කැමරා පද්ධතියද අක්‍රිය බවයි වාර්තා වුනේ.
(under the courtesy of nethnews.lk news web)

More News »