ජනාධිපති අපේක්‍ෂකත්වය කරූට දෙන්න රනිල් පොරොන්දු වෙයි.. කොන්දේසි මෙන්න..

2019-01-12 10:53:00       594
feature-top
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එජාපයේ ජනාධිපති අපේක්ෂක ධුරය වත්මන් කතානායක කරු ජයසූරිය මහතාට ලබා දීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොන්දේසි කිහිපයක් මත පොරොන්දු වී ඇතැයි වාර්තා වෙයි.

එම ප‍්‍රධාන පෙරොන්දුව වන්නේ ජනාධිපතිවරණය ජයගත් පසු ව්‍යවස්ථාව වෙනස් කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කර අගමැති ධුරය පූර්ණ බලතල සහිතව සථාපිත කරන බවට වන පොරොන්දුවයි.

මේ සම්බන්දයෙන් කතානායක කරු ජයසූරිය මහතා සිය හිතවතුන් සමග පවසමින් ඔවුන්ගේ අදහස් විමසා ඇතැයිද සදහන්ය.
(under the courtesy of lankacnews.com news web)

More News »