මහ ඇමතිවරුන්,ආණ්ඩුකාරවරුන්,පලාත් ලේකම්වරුන් සමග ජනපති වැඩ අරඹයි..මධ්‍යම ආණ්ඩුව ගැන විශ්වාසයක් නොතබයි..

2019-01-12 08:50:00       567
feature-top
නව වසරේ දී ග්‍රාමශක්ති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මහ ඇමතිවරුන් සිටින පළාත්වල ඔවුන් සමග සාකච්ඡා කර ඉලක්ක සම්පූර්ණ කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුනට උපදෙස් දුන්නේය.

මහ ඇමැතිවරුන් නැති පළාත්වල තමන්ගේ කාර්ය ප්‍රධානීන් සමඟ එම කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පලාත් ආණ්ඩුකාරවරුන් හා පළාත් ලේකම්වරැුන් ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්චාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

මේ අනුව ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන ‘ග්‍රාම ශක්ති’ වැඩපිළිවෙළ පළාත් ආණ්ඩුකාරවරු සහ පළාත් සභා ය මගින් ක්‍රියාත්මක කරවීමට ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරයක් නිරීක්ෂණය වෙයි.

එනම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් මධ්‍යම ආණ්ඩුව හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව පෙනි යයි.
(under the courtesy of lankacnews.com news web)

More News »