ලයිට්හවුස් හෝටලයේ අලුත්වැඩියාවට රු. මිලියන 450 ක්

2018-12-27 11:26:00       396
feature-top
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේ  අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 450 ක් ආයෝජනය කිරීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලය, කාමර 85 කින් සමන්විත වන අතර මෙම ව්‍යාපෘතිය යටතේ ඉන් කාමර 63 ක් අලුත්වැඩියා කිරීමට නියමිතය. 2019 මැයි සිට ජූලි කාලපරිච්ඡේදය තුළ දී මෙකී අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත වේ. එම කාලපරිච්ඡේදය තුළ දී සෙසු කාමර 22 පමණක් මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බව, ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටල් සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

මීට අමතරව හෝටලයේ පොදු මහජන පරිශ්‍ර, පිරියත හා උපකරණ මෙන්ම සේවා කලාප ද අලුත්වැඩියා කෙරේ.

මෙම සියලු අලුත්වැඩියා කටයුතුවලින් පසු 2019 අගෝස්තු මාසයේ සිට හෝටලය නව මුහුණුවරකින් හා අනන්‍ය වූ ආගන්තුක සත්කාරක වැඩපිළිවෙලකින් සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.


(under the courtesy of adaderana.lk news web)

More News »