රටේ ඖෂධ හිඟයක් නෑ

2018-12-15 04:15:00       256
feature-top
මෙරට තුළ ඖෂධ හිඟයක් ඇති වන බවට පලවන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ අමාත්‍ය මණ්ඩලයක් ක්‍රියාත්මක නොවන නිසා ඖෂධ ආනයනය කිරීමට අදාල ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටලු මතුව ඇති බවට ඇතැම් පාර්ශව විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින බවයි.

කෙසේවෙතත් මෙම වසර සඳහා අවශ්‍ය ඖෂධ මෙම වසර ආරම්භයේදී ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතර ඒ අනුව මේ වන විට ජනතාවට අවශ්‍ය ඖෂධ අමාත්‍යංශය සතුව පවතින බව ද ඔහු සඳහන් කළේය.

එම ප්‍රකාශකයා සඳහන් කළේ රුපියල් මිලියන 250 කට වැඩි ඖෂධ තොග මෙරටට ගෙන්වන්නේ නම් පමණක් අමාත්‍ය මණ්ඩලයක අනුමැතිය අවශ්‍ය වන අතර ඊට අඩු ඖෂධ තොග සඳහා සෞඛ්‍ය  අමාත්‍යංශය විසින් අනුමැතිය ලබාගෙන ගෙන්වීම් කටයුතු සිදුකල හැකි බවයි.

මෙම තත්ත්වය හමුවේ මෙරට තුළ ඖෂධ හිඟයක් ඇති නොවන අතර ලබන වසර සඳහා ඖෂධ ගෙන්වීම් කටයුතු ලබන ජනවාරියේදී සිදු කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
 


(under the courtesy of adaderana.lk news web)

More News »