ශ්‍රී.ල.නි.ප හෝ එ.ජ.නි.ස - UNP එක්ක සන්ධාන හදන්නෑ..

2018-12-15 03:27:00       918
feature-top
ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය හෝ එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය, එක්සත් ජාතික පක්ෂය සමඟ කිසි­සේත් සන්ධා­න­ය­කට නොයන බව ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පැහැ­දි­ළිව ප්‍රකාශ කළේ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා පැවැ­සීය.

ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දුව ප්‍රකා­ශ­යට පත්වී­මෙන් පසු එක්සත් ජනතා නිද­හස් සන්ධාන මන්ත්‍රී කණ්ඩා­යම සමඟ පැවැති සාක­ච්ඡා­වේදී ජනා­ධි­ප­ති­ව­රයා එය අව­ධා­ර­ණය කළ බව බස්නා­හිර පළාත් සෞන්දර්ය නිකේ­ත­නයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමු­වේදී මන්ත්‍රී­ව­රයා කීවේය.

මේ අතර මහින්ද රාජ­ප­ක්ෂට අග­මැති ධුරය දැරීම හා අමාත්‍ය මණ්ඩ­ල­යට තන­තුරු දැරීම වළ­ක්ව­මින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය නිකුත් කළ අතුරු තහ­නම් නියෝ­ගය බල­ර­හිත කර­න්නැයි ඉල්ලා මහින්ද රාජ­පක්ෂ ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන් ගොනු කළ අභි­යා­චනා පෙත්සම ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් සලකා බැලී­මෙන් පසු ඉදිරි ක්‍රියා­මාර්ග තීර­ණය කරන බව ද ඔහු වැඩි දුර­ටත් පැවැ­සීය.

lanka lead news

More News »