රනිල් අගමැති ලෙස දිවුරන්න සූදානම්..එජාප කැබිනට් මණ්ඩලයක්..

2018-12-14 09:46:00       767
feature-top
රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැති ලෙස දිවුරුම් දීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

දැනටමත් එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරිපෙල සංවිධායකයන් වෙත ඒ බව දන්වා තිබේ.

එක්සත් ජාතික පක්‍ෂ ඇමති මණ්ඩලයක්ද නම් කිරීමට කටයුතු සුදානම් කෙරෙමින් ඇති බවද වාර්තා වෙයි.

නමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට එජාපයට එක්වූ කිසිවෙකුට ඇමතිකම් නොදෙන්නේ යයි ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීමක් හේතුවෙන් මුල් වටයේදී ශ‍්‍රිලනිප කිසිවෙකුට ඇමතිකම් ලබා දීමක් සිදු නොකර සිටිමක් විය හැති යයිද එම ආරංචි මාර්ග තව දුරටත් කියයි.
(under the courtesy of lankacnews.com news web)

More News »