මහින්දට තවත් තීරණාත්මක පෙත්සමක් අද උපරිමාධිකරණයේ..

2018-12-14 08:50:00       768
feature-top
මහින්ද රාජපක්‍ෂ මහතා සහ කැබිනට් මණ්ඩලයට එම ධුරයන්හි කටයුතු කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කර ඇති අභියාචනය අද දිනයේ ශ්‍රේෂඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතය.

මෙම අභියාචනයට විරුද්දවද මෝසමක් ඉදිරිපත් ඉදිරිපත් වී ඇති අතර ඉන් ඉල්ලා සිටින්නේ පංච පුද්ගල විනිසරු මඩුල්ලක් ඉදිරියේදී මෙය විභාගයට ගන්නා ලෙසයි.

මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබා දෙන තීන්දුව මත ඉදිරි දේශපාලන කටයුතු තීරණය කිරීමට සන්ධාන මන්ත‍්‍රීවරුන් තීරණය කර ඇත.

අදින් පසු අධිකරණයේ වාර්ෂික නිවාඩු සමය ඇරඹෙන අතර දෙසතියකට වැඩි කාලයක් එය ක‍්‍රියාත්මකයි.
(under the courtesy of lankacnews.com news web)

More News »