FCID විසින් නඩු පැවරූ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු හත් දෙනා නිදොස් කර නිදහස් කරයි..

2018-12-14 08:46:00       768
feature-top
පසුගිය රජය සමයේ සංචාරක මණ්ඩලය විසින් රුපියල් මිලියන පහක් පුණ්‍යායතන ලබා දීම සම්බන්ධව FCID විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුව ඊයේ දින විභාගයට ගත් අවස්ථාවේ ඊට සම්බන්ධ සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න කළමනාකාර අධ්‍යක්ෂක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හත් දෙනා ම නිදොස් කොට නිදහස් කරන ලදී.

මේ සම්බන්ධයෙන් FCID මගින් සංචාරක මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හත්දෙනා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර තිබුණ අතර ඉන්පසු ඇප මත මුදා හැර තිබුණි.

ඊයේ මුදාහැරුණු හත් දෙනා අතර දේශීය සංචාරක ව්‍යාපාරයේ ප්‍රබල ව්‍යසායකයින් කිහිපදෙනකුම සිටි අතර ජෙට්වින්ග් සංචාරක ව්‍යාපාරය අධිපති හිරාන් කුරේ අධිපති, .. කාර් ට්‍රවැල්ස් අධිපති නිල්මින් නානායක්කාර සහ මර්වින් ප්‍රනාන්දු පුල්ලේ ද වේ.
(under the courtesy of lankacnews.com news web)

More News »