අලුත් ආණ්ඩුවක් පත් කරන්න ජනාධිපති සූදානම්..

2018-12-14 08:42:00       765
feature-top
එළැඹෙන සදුදා දිනය වන විට ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුවක් පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සදහන් කරයි.

නඩු තීන්දුවෙන් පසුව ජනාධිපතිවරයා හා සන්ධාන මන්ත‍්‍රීවරුන් අතර පැවති හමුවෙන් පසු මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත මේ බව පැවසීය.

එම හමුවට සහභාගී වූ දයාසිරි ජයසේකර මහතාද කියා සිටියේ නඩු තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පිහිටුවීමේ පියවරකට යනු ඇති බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »