රනිල්ට සහාය දුන් නිසා සම්බන්ධන්ට විපක්‍ෂ නායක ධුරය අහිමියි..

2018-12-13 04:53:00       611
feature-top
දෙමළ සන්ධානය කොන්දේසි සහිතව රනිල් වික‍්‍රමසිංහ මහතාට සහයෝගය පළ කර පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කිරීම හා දිවුරුම් ප‍්‍රකාශ ලබාදීම යන කාරණා සමග මෙතෙක් ඔවුන් භුක්ති වින්ද විපක්‍ෂනායක ධුරය හා විපක්‍ෂය නියෝජනය කිරීමේ අයිතිය අහිමි වී යන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

කොළඹදී ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එ.ජා.ප. ය සමග දෙමළ සන්ධානය පසුගිය දිනවල දිගින් දිගට කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක්‌ ලෙස දෙමළ සන්ධානය කොන්දේසි සහිතව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමේ යෝජනාවට උදව් කරන බව දෙමළ සන්ධානය වෙනුවෙන් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

දෙමළ සන්ධානය විපක්‍ෂ නායක ධුරය පිළිබඳ බලාපොරොත්තු අතහැර ඊට වඩා උඩින් රනිල් වික්‍රමසිංහ මහතා රැක ගැනීම ජාතික වගකීමක්‌ ලෙස සිතා මෙම තීන්දුව ගන්නවා විය හැකි යෑයි ද මන්ත්‍රීවරයා පැවැසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »