බ්‍රිතාන්‍ය අගමැතිනිය විශ්වාසභංගය ජය ගනී

2018-12-13 10:58:00       597
feature-top
සිය පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විශ්වාසභාංග යෝජනාව ජය ගැනිමට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සමත්ව තිබේ.

ඇයට පක්ෂව ඡන්ද 200ක් හිමිව ඇති අතර විපක්ෂව හිමි වී ඇත්තේ ඡන්ද 117ක් පමණයි.

වැඩි ඡන්ද 80කින් විශ්වාසභංගය ජය ගැනීමත් සමග වසරක් යනතුරු ඇයගේ නායකත්වය යලි අභියෝගයට ලක් කළ නොහැකි වෙයි.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය ගත් තිරණයක් සමඟ බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ගේ නායකත්වය සම්බන්ධයෙන් කන්සවේටිව් පක්ෂය තුළම විවේචන එල්ල විය.

ඒ අනුව පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඇයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්  ඉදිරිපත් වූ අතර  ඊයේ පස්වරුවේ ඊට අදාල ඡන්ද විමසීම පවත්වනු ලැබීය.


(under the courtesy of adaderana.lk news web)

More News »