බේරුවල කුඩු තොගයට නිවැරදි මිනිසුන් ගාවා ෆේස්බුකියේ මඩ ගහපු අයට වැඩ වරදියි, ස්ක්‍රීන්ශොට් එක්කම C.I.Dයට පැමිණිල්ලක්!

2018-12-12 10:21:00       768
feature-top
පසුගිය දින බේරුවල අත්අඩංගුවට ගත් කුඩු තොගය සම්බන්ධව සැකකරුවන් සහ චූදිතයන් මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.

කෙසේ වෙතත් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ සංවිධානාත්මක කල්ලියක් විසින් මෙම කුඩු තොගය සිය ප්‍රතිවාදි දේශපාලකයන් ගෙන්වූවායැයි චෝදනා කරමින් ප්‍රචාරණ ව්‍යාපෘතියක් අරඹා තිබුනි. මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියෙන් ඔවුන් ඉලක්ක කර තිබුනේ බේරුවල ප්‍රදේශිය සභාවේ හිටපු ප්‍රාදේශීය සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිල්ෆූර් කෆූර් ඇතුලු පිරිසක් ය.

කෙසේ වෙතත් තමන්ට එරෙහිව සිදු කළ මෙම ෆේස්බුක් මඩ ප්‍රාහරය දියත් කළ පුද්ගලයන්ට එරෙහිව වින්දිතයන් ඊයේ දින (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙහිදි එම ව්‍යාජ චෝදනා ඉදිරිපත් කළ පිරිසේ මුද්‍රිත සාක්ෂිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තා.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,


(under the courtesy of nethgossip.lk news web)

More News »