"මව විදෙස් ගතව සිටියදී 14 වියැති දියණිය දූෂණය කළ පියා" නරුම පියෙකුගේ කතාවක්!

2018-12-12 08:51:00       768
feature-top
මව විදෙස්ගතව සිටියදී 14 වියැති දියණිය දූෂණය කළ තිදරු පියෙකු පිළිබඳ පුවතක් වාර්තා වේ.
 
මෙම පුද්ගලයා සිය බිරිඳ විදෙස්ගතව සිටියදී 09 වසරේ ඉගෙනුම ලබමින් සිටි 14 වියැති සිය දියණියව 2015 අගෝස්තු 01 වන දින සිට අවස්ථා කිහිපයකදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු අම්බලන්තොට පොලිසිය සැකකාර පියා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කියා ඇත්තේ තමන් එදින රාත්‍රි සාදයකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණි බවත් ඉන් පසු සිදු වුදේ තමන්ට හිතාගත නොහැකි වු බවත්ය.
 
කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. නඩු විභාගය අතරතුර සැකකාර පියා අදාළ වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට දඬුවම් නියම කෙරුණි.
 
 අදාළ චෝදනා තුන සඳහා වැරදිකරු බවට වරද පිළිගත් සැකකාර පියාට එක් චෝදනාවකට වසර හත බැගින් වසර 21ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ අතර චෝදනා තුන සඳහා වෙන වෙනම රුපියල් 5000 බැගින් රුපියල් 15000/=ක දඩ මුදල් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක්ද ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. චූදිතට නියම කෙරුණු වසර 21ක සිර දඬුවම එකවර ගෙවීයන ලෙස නියෝග කර තිබේ.

මෙලෙස සිර දඬුවම් නියම වුයේ අම්බලන්තොට,චිත්‍රාගල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු පියෙකුටය.


(under the courtesy of nethgossip.lk news web)

More News »