සතියක් තුළ අර්බුදය විසඳන්න බැරි වූ හේතුව ජනපති හෙළිකරයි

2018-12-12 08:47:00       768
feature-top
පවතින දේශපාලන අර්බුදය, ප‍්‍රකාශ කළ පරිදි සතියක් තුළ විසඳීමට නොහැකි වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප‍්‍රමාද වීම හේතුවෙන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (11) රාත‍්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

දේශපාලන අර්බුදය අවසන් කිරීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බවයි ඊට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර නෙත් නිවුස් වෙත කියා සිටියේ.

අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවීමටයි එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත්තේ. එමෙන්ම අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම ද වර්ජනය කරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ.

ඊයේ රාත‍්‍රියේ පැවති සාකච්ඡාවෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් මන්ත‍්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක සඳහන් කළේ ඉදිරි මැතිවරණයකදී සන්ධානගතව තරග කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වූ බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ අධිකරණ තීන්දුවෙන් පසු ජනතාව ඉදිරියට යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වුණා.

(under the courtesy of nethnews.lk news web)

More News »