ලෝකය හමුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඇති පිළිගැනීම නැති වෙන්න ඉඩ දෙන්නේ නැහැ

2018-12-11 06:51:00       770
feature-top
ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට ලෝකයේ ඇති පිළිගැනීම විනාශ කිරීමට ඉඩ නොතබන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ඒ, පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.

මේ පාර්ලිමේන්තුව තමයි මේ රටේ උත්තරීතරම ස්ථානය. ඉස්සර වගේම නෙමෙයි දැන් ඉන්න ළමයි මගේ ලගට ඇවිත් අහයි රටේ උත්තරීතර ස්ථානය නම් වන පාර්ලිමේන්තුවට කොහොමද මිරිස් කුඩු ගේන්නේ, පිහි අරන් එන්නේ කියලා. ඒ වගේම පුටු වලට අලාභ හානි වෙන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්.

මම මේ ළමයින්ට කියන්න කැමති සමහර වෙලාවට පන්සල් ඇතුලෙත් දේවාලවලත් සමහර අවස්ථාවල මිනිමරනවා, ලේ හලනවා. කොහොම උනත් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පාර්ලිමේන්තු අතර ලංකාවේ පාර්ලිමේන්තුවට ලොකු පිළිගැනීමක් තියෙනවා. කොහොම උනත් මම කියන්න කැමති සාර්ක් පාර්ලිමේන්තු අතරේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. විවිධ මත ඉදිරිපත් වෙන්න පුළුවන් සමහර අය මට එල්ල වෙන්න පුළුවන්. අපි ලබා ගෙන තිබෙන ඒ පිළිගැනීම නැති වෙන්න  කිසි ලෙසකින්වත් ඉඩ දෙන්නේ නැහැ.  

මේ අතර පාර්ලිමේන්තුව හෙට පස්වරුවේ යළි රැස් වනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »