ලොවම බලා සිටි තායිලන්තයේ මහ මැතිවරණයට දින නියම කරයි

2018-12-11 06:49:00       769
feature-top
ලෝකයේම අවධානය දිනාගත් තායිලන්තයේ මහ මැතිවරණය සඳහා අද (11) දින නියම කෙරුණා. ඒ අනුව බොහෝදෙනා බලාපොරොත්තුවෙන් සිටි මැතිවරණය පෙබරවාරී 24 වනදා පැවැත්වෙනු ඇති. තායිලන්ත හමුදා රජය පවසන්නේ  ඕනෑම දේශපාලන පක්ෂයකට සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට දැන් නිදහස පවතින බවයි.

අග‍්‍රාමාත්‍ය යින් ලක් ශිනවත‍්‍රාගේ රජය පෙරළා දමමින් තායිලන්තයේ හමුදා රජයක් පිහිට වූයේ 2014 වසරේදීයි. එතැන් සිට මේ දක්වා දේශපාලන පක්ෂවලට සිය ක‍්‍රියාකාරකම් අත්හිටුවා තිබුණා. එහෙත් නව තීරණයත් සමඟ එම තහනම ද ඉවත් කෙරෙනු ඇති.


(under the courtesy of nethnews.lk news web)

More News »