දකින්න අකමැති කරදරකාරයෙක් රකින්න වෙරදරන මිනිස්සු

2018-12-11 04:27:00       702
feature-top
දින කිහිපයක සිට රෝගාතුරව ඇවිදීමට නොහැකිව එක්තැන්ව සිටින වන අලියෙකු ගිරාඳුරුකෝට්ටේ දිවුලපැලැස්ස ප්‍රදේශයේ දි හමුවී තිබේ.

උල්හිටිය ඔය රක්ෂිතයේ වෙල්යායක් අසල මඩ වඟුරක වැටී සිටියදී ගම්වාසීන් විසින් දැක ගිරාඳුරුකෝට්ටේ අලි පාලන ඒකකයේ වන ජිවි නිලධාරීන් දැනුවත් කර ඇත.

පසුව අදාළ නිලධාරීන් පැමිණ එම ස්ථානයට ගොස් අලියා පරීක්ෂා කොට මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා දැනුවත් කර තිබේ.

පසුව වෛද්‍යවරයා අලියා සිටින ස්ථානයට ගොස් වන අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.

මෙම වන අලියාගේ ශරීරයේ තුවාල ඇති බවත්, පිටුපස දකුණු පාදය හා ඉදිරිපස වම් අතෙහි ස්නායු දුර්වලතාවයකින් පෙළෙන බවයි.

පිරිමි සතෙක් වන මෙම වන අලියා උස අඩි 8 ක් පමණ වන වයස අවුරුදු 40ක් පමණ වන බව වනජිවි නිලධාරින් පවසයි.

රෝගාතුරව සිටින සද්ධන්තයාගේ ජීවිතය බේරා ගැනීමට ගම්වාසීන් වන අලියාට ආහාර පවා ළඟට ගෙනැවිත් දෙන ආකාරය අපගේ කැමරාවේ සනිටුහන් විය.

වන අලීන්ගෙන් කරදර මහජනතාවට සිදුවන අවස්ථාවක පවා ඔවුන්ගේ මෙම හැසිරීම මනුසත්කම මනාව පිළිහිඹු කරන අවස්ථාවකි.


(under the courtesy of adaderana.lk news web)

More News »