නඩු තීන්දුව කුමක් වුවත් පොහොට්ටුව ඡන්දයකට සූදානම් වෙනවා..- මහින්ද

2018-12-08 04:45:00       772
feature-top
පාර්ලිමේන්තුව විසුරවීමට එරෙහි නඩු සදහා අධිකරණ තීන්දුව කුමක් වුවද එන සතියේ සිට මහ මැතිවරණයක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සංවිධානය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දැනටම පක්‍ෂය සදහා පත්කර සිටින ආසන සංවිධායකයන් හා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් සමග අදාළ සංවිධාන කටයුතු සිදුකරමින් ඇතැයිද ඔහු පැවසීය.

ඉදිරි මැතිවරණය සදහා තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ සමඟ එක්ව පුළුල් සන්ධානයක් ගොඩනගන බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »