තනතුරු නොමැති කාලයෙත් අපි දේශපාලනය කළා

2018-12-08 04:25:00       775
feature-top
වත්මන් දේශපාලනය තුළ අවුල්කාරීත්වයක් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එම තත්ත්වය සමනය කිරීම සඳහා ජනතා අපේක්ෂාව මහ මැතිවරණයක් බව අද (08) පන්නිපිටිය, රුක්මලේ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහි හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

එහිදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශෟණ කිහිපයකට පිලිතුරු ලබා දෙමින් ඒ මහතා පැවසුවේ තනතුරු බලාපොරෝත්තු වෙමින් දේශපාලනය නොකරණ බවයි.

එමෙන්ම තනතුරු නොමැතිවද තමන් දේශපාලනය සිදු කර ඇති බවත් ජනතාව තමන් සමඟ සිටින තෙක් දේශපාලනය සිදු කරන බවත්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරත් පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

More News »