වකුගඩු රෝගීන්ට සහනයක්

2018-12-08 01:13:00       775
feature-top
මහනුවර සහ අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් ඉදිවන වකුගඩු සේවා මධ්‍යස්ථාන ලබන වසරේ විවෘත කිරීමට නියමිත බව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය පවසයි.

එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේ ජාතික වකුගඩු අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම සේවා මධ්‍යස්ථාන වල ඉදි කිරීම් කටයුතු සිදුකළ බවයි.

මෙම සේවා මධ්‍යස්ථාන ජනතා අයිතියට පත් කිරීම තුළින් වකුගඩු රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීම සදහා අවස්ථාව උදා වන බව අසේල ඉද්දවෙල මහතා කියා සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

More News »