උඩවලවේ මරා දැමූ ඇත් පැටවා වෙනුවෙන් බණක් කියා දානයක් දෙයි..

2018-12-08 01:09:00       770
feature-top
පසුගියදා වෙඩිතබා  මරා දමන ලද උඩවලව ඇත් පැටිවා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් සිදුකරන ලදී.

ආචාර්ය ඕමල්පේ සොභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය තරුණ බෞද්ධ සංගමය එක්ව මෙම පිං පැමිනවීමේ කටයුත්ත සිදු විය. මේ සදහා මහා සංඝරත්නය පනස්නමක් පමණ වැඩ සිටින ලදී.ඇඹිලිපිටිය සෙවනගල ප්‍රාෙද්ශීය ලේකම්වරුන් මෙන්ම ඇඹිලිපිටිය අවට පොලිස් ස්ථානාධිපතිවරුන් මහවැලි නිළධාරීන් පැමින සිටියහ.

මහා සංඝරත්නය ඇතුලු පිරිස උඩවලව ඇත් අතුරු සෙවනට ගොස් අලි පැටවුන් සදහා රුපියල් 75000කට වඩා වැඩි වටිනාකමකින් යුත් කිරිපිටි දානමය පුණ්‍ය කර්මයක් සිදු කරීම සිදු විය.පසුව උඩවලව ජලාශයේ පිටවාන අසල ඇත්පැටවා වෙඩිතබා ගාතනය කල ස්ථානයට ගොස් එම ස්ථානයේ ආගමික වතාවත් සිදු කිරීම මහා සංඝරත්නය විසින් සිදු කරන ලදී.

ඉන් අනතුරුව මතක වස්ත්‍ර පුජා කර පැන් වඩා අටපිරිකර හා සෙසු පිරිකර පූජාකර ඇත්පැටවාට පිං අනුමෝදන් කිරීම සිදු විය.මෙම අවස්ථාව සදහා විදේශිකයන්ද පැමින සිටිනු දක්නට හැකි විය.මෙහිදී උඩවලව ජීප් රථ සංගමය මෙන්ම වනජීවී නිළධාරීන් උඩවලව හෝටල් හිමියන්ද මේ පිංකම සදහා සහභාගී විය.
(under the courtesy of lankacnews.com news web)

More News »