19 සංශෝධනයෙන් රනිල් රට කෑවා..අවුල් කලා..-ජනපතිගෙන් රනිල්ට කුණු බැණුම්..

2018-12-08 11:38:00       768
feature-top
අද වන තෙක් වනවිට රට තුළ දේශපාලන අවුලක් නිර්මාණය වී තිබෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇති අවුල්සහගත තත්ත්වය නිසා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

19 වන සංශෝධනයේ 80% හොඳ වුවත් ඉතිරි 20% බරපතළ වැරදි තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අද රට පත්ව තිබෙන අවුල් සහගත දේශපාලන තත්වය ඇතිවී තිබෙන්නේ එම 20% තිබෙන වැරදි නිසා බව ද ඔහු සඳහන් කරයි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම වරදවල් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස චෝදනා කන අතර ඉදිරියේදී තමන් එම වරද නිවැරදි කිරීමට මැදිහත් වන බව ද ඒ මහතා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ සති අන්ත ලංකාදීප පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »