හෙරොයින් තොගය ගෙනා ට්‍රෝලර් හිමිකරු කැළණි ගගට පනියි..මෙහෙයුමකින් පසු අත්අඩංගුවට

2018-12-07 05:30:00       1654
feature-top
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 231ක ප්‍රවාහනය කළ ටෝලර් යාත්‍රාවේ හිමිකරුද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බේරුවල පදිංචිව සිට ඇති මෙම සැකකරු යටියන්තොට ප්‍ර දේශයේ සිටියදී සොයාගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි කැළණි ගඟට පැන ඇති බවත් මහත් පරිශ්‍රමයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

එසේම ඔහු සන්තයේ තිබූ රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් අත්අඩගුවට ගෙන ඇති අතර මෙම සැකකරු සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකුගේ සහෝදරයෙක්ද වෙයි.

මෙම හෙරොයින් තොගය පෙරේදා අත්අඩංගුවට ගත් අතර එය ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් දෙවැනි විශාලම හෙරොයින් තොගය වෙයි.
lanka lead news

More News »