ජනාධිපතිතුමනි 19ට ටින්කරින් කරන්නට හිතන්නවත් එපා.. ඒ පාපයට කරගහන්න එපා..-ජාතික සංවිධාන අනතුරු අගවයි

2018-12-07 05:27:00       686
feature-top
19වැනි සංශෝධනය යම් දුර්වලතා ඇත්නම් ඊට අදාළ සංශෝධන පාර්ලිමේන්තුව තුළින් සිදු කිරීමට කැපවන බවට ජනාධිපතිතුමා විසින් කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව ජාතික සංවිධානවල මතය විමසනු ලැබීය.

ඊට පිළිතුරු දුන් සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා කියා සිටියේ 19ට ටින්කරින් කරලා අලුත්වැඩියා කරන්න රටේ ජනතාවට කිසිම උවමනාවක් නැති බවය.

රනිල් වික්‍රමසිංහ අගමැති අතට විධායක බලය හිමි වීමේ අරමුණ ඇතිව ගෙන එනු ලැබූ 19 අඩුපාඩු හදලා දෙන්න මෛත්‍රී ජනපති ඉදිරිපත් වන්නේ මොන කෙහෙල් මලකටදැයි ඒ මහතා ප්‍රශ්න කළේය.

තවදුරටත් ඔහු සඳහන් කළේ 19ට ශෝධන ගෙනාවොත් බෙදුම්වාදීන් ඒ අස්සෙන් තමාට උවමනා සංශෝධන ටිකක් ඇතුළු කරගන්නා බවය. ඒ පාපයට කර නොගහන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

lanka lead news

More News »