රනිල් අගමැති කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට..12 වැනිදා ඡන්ද විමසීමක්..දෙමල සන්ධානයත් පක්‍ෂයි..

2018-12-07 04:55:00       523
feature-top
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීමට සහයෝගය දක්වන බවට වන යෝජනාවක් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එජාපෙ නායකයන් 08 දෙනෙකු සිය අත්සනින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී ඇත.

දැනටමත් මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කර ඇති අතර එය 12 වැනිදා ඡන්ද විමසීමට ගනු ඇතැයිද වාර්තා වෙයි.

මෙම යෝජනාව සදහා දෙමල ජාතික සන්ධානයද පක්‍ෂව ඡන්දය භාවිත කරන බවට සහතික කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කිරීමට තම පක්‍ෂය ඡන්දය නොදෙන බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »