බඩඉරිඟු ආනයනය වැට බඳී?

2018-12-07 04:53:00       217
feature-top
ලබන වසරේදී ආනයනය කෙරෙන බඩඉරිඟු ප්‍රමාණය සියයට 50කින් අවම කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙවර මහ කන්න තුළ වගා කර තිබෙන බඩඉරිඟු ප්‍රමාණය පසුගිය කන්නට සාපේක්ෂව ලක්ෂයකින් පමණ ඉහළ ගොස් ඇති බැවින් මෙම පියවර ගත් බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

එමඟින් ජාතික අවශ්‍යතාවය සියයට 50කින් සපුරා ගැනීමට හැකි බවට කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මේ වසර සඳහා ආනයනය කර ඇති බඩඉරිගු ප්‍රමාණය මෙක්ට්‍රික්ටොන් 80,000කට ආසන්න බව සඳහන්ය.

බඩඉරිගු ආනනයනකරුවන් බඩඉරිඟු මෙක්ට්‍රික්ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට බලපත්‍ර ලබා දෙන ලෙස ඉල්ලා සිටියද දේශිය ගොවියන් ආරක්ෂා කර ගැනීම සඳහා ඊට අවසර ලබා නොදීමට මහින්ද අමරවීර මහතා තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.


(under the courtesy of adaderana.lk news web)

More News »