මාලිංගගේ සහ මැතිව්ස්ගේ කෝටි දෙකේ අයිපිඑල් සිහිනය සැබෑ වේවිද..?

2018-12-07 02:44:00       409
feature-top
ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

න්දීය රුපියල් කෝටි 2ක මූලික මිලයක් නියම කරමින් ඔවුන් දෙදෙනා මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව ඇති බව සඳහන්.

අයිපිඑල් ක්‍රීඩක වෙන්දේසිය සඳහා  ශ්‍රී ලංකාවෙන් තවත් ක්‍රීඩකයන් 28 දෙනෙක් ඉදිරිපත්ව ඇත.

කෙසේ වෙතත් පසුගිය සමයේ ශ්‍රීලංකා ක්‍රීඩකයන් පළකල දක්ෂතා අනුව ඔවුන් මිලට ගනිවිදැයි සැක සහිත අතර, ලබන වසරේ පැවැත්වෙන වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව ඇති සමස්ථ ක්‍රීඩකයන් ගණන 1000 අධික බවද දැනගන්නට ලැබේ.


(under the courtesy of nethgossip.lk news web)

More News »