රාජිතගේ දූෂිත ගෝලයෙක් සෞඛ්‍ය ලේකම් කමට පොරකයි.. චමල් දෙගිඩියාවක..වෛද්‍යවරුන්ට මල පනී

2018-12-07 02:14:00       1036
feature-top
හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ගෝලයකු බවට ප්‍රසිද්ධියට පත්ව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙක් නව සෞඛ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා යටතේ එම අමාත්‍යංංශයේ ලේකම් තනතුරට පත්වීම සඳහා වලි කන බව වාර්තාවේ.

ඔහුගේ වර්තමාන තන්තුරුට පෙර දැරූ අධ්‍යක්ෂ ධූරය ඖෂධ ලියාපදිංචියට අදාළ තනතුරකි. එම තනතුර යොදාගනිමින් ඖෂධ ලියාපදිංචිය සඳහා එක් සමාගමකින් මිලියන 5 බැගින් පගාව ගත් බවට ඔහුට බරපතළ චෝදනා එල්ල වී ඇත.

තම පෞද්ගලික පාවිච්චියට අතිනවීන බෙන්ස් රථ තුනක් තබාගෙන සිටින අසීමිත ලෙස මුදල් පසුපස දුවන ව්‍යාධියකින් පෙලෙන බවට හඳුනාගෙන සිටින එවන්නන්ට ලේකම්කම ලබාදීමට තීරණය කරනවානම් එවැනි ආණ්ඩු අපට කුමකටදැයි වෛද්‍යවරු ප්‍රශ්න කරති.

lanka lead news

More News »