තානාපති ධූරයේ වෙනසක්

2018-12-07 12:35:00       569
feature-top
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නව තානාපතිනිය ලෙස අමෙරිකානු රාජ්‍ය  දෙපාර්තමේන්තු ප්‍රකාශිකා හීදර් නැවර්ට් නම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තානාපති ධූරයේ කටයුතු කළ නිකී හේලි මේ වසර අවසානයේදී එම ධූරයෙන් ඉල්ලා අස්වන බව පසුගිය ඔක්තෝබර් මාසයේදී නිවේදනය කර තිබුණි.

ඒ අනුව ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා හීදර් නැවර්ට් එම ධූරය සඳහා නම් කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

අමෙරිකානු මාධ්‍ය  ආයතනයක නිවේදිකාවක් ලෙස කටයුතු කර ඇති නැවර්ට් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය සඳහා එක්වී ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදීය.

කෙසේවෙතත් ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති ධූරය දැරීමට තරම් දැනුමක් හෝ පලපුරුද්දක් නොමැති තැනැත්තියක් ලෙස විදෙස් විචාරකයින් හඳුන්වා තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »