කුසගිනි දරාගනු බැරි තැන අයියලා දෙන්නයි නංගියි කෑම ඉල්ලා පොලීසියට එයි..පොතුවිල් වලින් ඇහෙන සංවේදී කතාව -PHOTOS

2018-12-07 11:43:00       618
feature-top
පොතුවිල් ගම්මානයේ  දරැවන් තිදෙනෙකු තමන්ට බඩගිනි බව  පවසමින් පොතුවිල් පොලීසියට පැමිණ ආහාරය ඉල්ලා තිබෙන පුවතක් පොතුවිල් ප්‍රදේශයෙන්  වාර්තාවේ.

ඊයේ (06) දහවල් පිරිමි ළමුන් දෙදෙනෙකු සහ කුඩා ගැහැණු දරැවෙකු පැමිණ දින දෙකකින් ආහාර නොගත්  බව පවසා පොලිසියෙන් ආහාර ඉල්ලා තිබේ.පසුව පොතුවිල් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිංහ මහතා විසින් මෙම දරැවන්ට ආහාර ලබාදිමට කටයුතු කර ඇත.

මෙම දරැවන් පිලිබදව පොලීසිය කරැණු සොයා බැලිමේදි මෙම දරැවන් තිදෙනාගේ පියා විදේශ ගතව ඇති අතර මව මෙම දරැවන්ට නොසලකන බව සොයාගෙන තිබේ.

තම මවට වෙනත් පුද්ගලයෙක් ආහාර ගෙනත් දෙන බවත් තමන්ට එම ආහාර ලබා නොදෙන බවත් මෙම දරැවන් තිදෙනා පොලිසියට පවසා තිබේ.ඉකුත් 05 වෙනි දින ආහාර ගැනිමෙන් පසුව පොලීසියට පැමිණෙන තුරැ කිසිම ආහාරයක් මෙම දරැවන් ලබාගෙන නැති අතර පොලිස් නිළධාරින් විසින් මෙම දරැවන්ට කඩිනමින් ආහාර ලබාදි තිබේ.

මෙම දරැවන් තිදෙනාගෙන් දෙදෙනෙක් පිරිමි දරැවන් වන අතර ඔවුන් වයස අවුරුදු 14 සහ 13 වියෙහි පසුවෙති ගැහැණු දරැවා වයස අවුරුදු 07 කි.

පසුව පොතුවිල් පොලීසිය මගින් මෙම දරැවන් ගේ මව අත් අඩංගුවට ගෙන දරු තිදෙනා සමග පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර පොතුවිල් මහේස්ත්‍රාත් මොහමඩ් රාපී මහතා විසින් මව මෙම මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල අතර මෙම දරැවන් තිදෙනා ළමා ආරක්ෂණ අධිකාරියේ රැකවරණය යටතේ ඔවුන් ගේ මාමාට භාරදි තිබේ. මෙම මස 12 වෙනි දින මෙම දරැවන් නැවත දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.
(under the courtesy of nethgossip.lk news web)



More News »