රනිල්ට අගමැතිකම නොදුන්නොත් රට අගලක්වත් ඉදිරියට ගෙනයන්න දෙන්නේ නෑ-කිරිඇල්ල

2018-12-07 10:07:00       642
feature-top
ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට රනිල් වික‍්‍රමසිංහ මහතා පත් නොකරන්නේ නම් පාර්ලිමේන්තුව තුල කිසිම පනතක් සම්මත කර ගැනීමට ඉඩ නොදෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් නොකලහොත් රට ඉදිරියට ගෙන යෑමට කිසිදු අවස්ථාවක් පාර්ලිමේන්තුව මගින් ලබා නොදෙන බවද ඔහු කියා සිටී.

තවත් පිරිසක් එක්සත් ජාතික පෙරමුණට එක් කර ගනිමින් බහුතරය තවත් වැඩිකර ගැනීමට සාකච්ඡා පවත්වමින් ඇති බවත් ඒවා සාර්ථක බවත් ඔහු තව දුරටත් සදහන් කරයි.
(under the courtesy of lankacnews.com news web)

More News »