අයිෆල් කුළුණ වසා දැමීමට තීරණය කරයි

2018-12-07 09:37:00       597
feature-top
ප්‍රංශයේ අයිෆල් කුළුණ හෙට(08) දින වසා දැමීමට එරට රජය තීරණය කර තිබේ.

ඉන්ධන සඳහා විශේෂ බද්දක් පැනවීමට එරෙහිව සති කිහිපයක සිට ප්‍රදේශයේ පැරිස්  නුවර ඇතුළු නගර කිහිපයක විරෝධතා පැවැත්වෙයි.

කහ කමිස වලින් සැරසුණු විරෝධතාකරුවන් රජයේ දේපළ වලට හානි කරමින් රථ වාහන ගිනි තබමින් පසුගිය සෙනසුරාදා දැවැන්ත විරෝධතාවක නිරත වූ අතර එය පසුගිය දශක කිහිපය තුළ පැරිස් නුවර ඇති වූ දරුණුතම විරෝධතාව බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් හෙට දිනයේද ගැටුම් ඇතිවිය හැකි බැවින් අයිෆල් කුළුන ඔර්සේ කෞතුකාගාරය, ඔපෙරා නිවස සහ ග්‍රෑන්ඩ් පැලස් සංකීර්ණය ඇතුළු ආයතනද වසා දැමීමට නියමිතයි.

ප්‍රංශ අග්‍රාමාත්‍ය එඩ්වඩ් පිලිප් ප්‍රකාශ කර ඇත්තේ පොලිස් නිලධාරීන් 89,000ක් පමණ සන්නද්ධ රථ සමඟින් ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බවයි.


(under the courtesy of adaderana.lk news web)

More News »