භූමිතෙල් ලාම්පුව පුද්ගලයෙකුට මරු කැඳවයි

2018-12-06 05:06:00       245
feature-top
මස්කෙලිය ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

නිවස තුළ තිබූ භූමිතෙල් ලාම්පුවක් පෙරළී යාමෙන් ගින්න හටගෙන ඇති අතර ගින්නට හසු වූ අදාළ පුද්ගලයා බරපතළ පිළිස්සුම් තුවාල ලබා  දික්ඔය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්ය.

මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


(under the courtesy of adaderana.lk news web)

More News »