රනිල් අගමැති කරන තුරු ජනපති මැදුර වටලන්න එජාපය සේනා කැදවයි..

2018-12-06 03:10:00       1640
feature-top
එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනබල මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිත අතර එහි සංවිධාන කටයුතු සදහා එක්සත් ජාතික පක්‍ෂයේ සියළුම මන්ත‍්‍රීවරුන් මෙම සති අන්තයේ සිට සිය ආසන වෙත පිටත් වීමට නියමිතය.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ආදී ඕනෑම ස්ථානයක් වැටලීමට තම බලවේගය සූදානම් බව එජාප මන්ත‍්‍රීවරුන් දැනටමත් අනතුරු අගවා ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »