අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් අයෙක් විභාගය ලියලා

2018-12-06 01:18:00       297
feature-top
සාමාන්‍ය පෙළ විභාගයේදී නියමිත අපේක්ෂකයා වෙනුවට වෙනත් අයෙකු පෙනී සිටීමේ සිද්ධියක් මුලතිව් තුනුක්කායි අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථානයකින් වාර්තා වනවා.

මෙලෙස ව්‍යාජව විභාගයට පෙනී සිටි තැනැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනු බවයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත කියා සිටියේ.

නියමිත අපේක්ෂකයා පෞද්ගලික අයදුම්කරුවෙක්. ඔහු වෙනුවට වෙනත් අයෙකු පෙනී සිට ඇත්තේ දෙමළ භාෂාව සහ සාහිත්‍ය ප‍්‍රශ්න පත‍්‍රය සඳහායි.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 10ක් ලැබී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් එම ඇතැම් පැමිණිලි අසත්‍ය ඒවා බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ.

සෙසු පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් සුදුසු පියවර ගත් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වූයේ ඉකුත් 03 වැනිදායි. අපේක්ෂකයින් හය ලක්ෂ 56,000කට වැඩි පිරිසත් ඊට පෙනී සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »