රැඳවියන් පීඩනය පත්කරමින් මධුෂ්ගේ ගෝලයෝ කරන වැඩ ගැන ආරංචියක්..!

2018-12-06 12:51:00       447
feature-top
රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයින් විසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ පාතාල බලය පතුරවමින් එහි පාලනය සියතට ගෙන ඇති බවට බුද්ධි අංශ වෙතට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වනවා.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින මධුෂ්ගේ ගෝලබාලයන් පිරිසක්‌ විසින් මෙලෙස බන්ධනාගාරය තුළදී රාත්‍රියට මත්පැන් පවා භාවිත කරමින් සුපිරි ජීවිත ගත කරන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති බවයි සඳහන් වන්නේ. එසේම ඔවුන් ජංගම දුරකථන ඔස්‌සේ ඩුබායිහි සිටින මාකඳුරේ මධුෂ් සමග ප්‍රසිද්ධියේ කතා බහ කරන බවත්, මෙම කල්ලියේ මැරකම් හමුවේ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සෙසු රැඳවියන් දැඩි පීඩනයකට මුහුණ දී සිටින බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර අදාල පාතාල සාමාජික රැඳවියන්ගේ කටයුතුවලට කිසියම් බන්ධනාගාර නිලධාරියකු එරෙහි වුවහොත් එම නිලධාරියාට මෙන්ම ඔවුන්ගේ පවුලේ අයටත් මාකඳුරේ මධුෂ් ඩුබායිහි සිට මරණීය තර්ජන එල්ල කරන බවටද තොරතුරු වාර්තා වී ඇති බව සඳහන්.


(under the courtesy of nethnews.lk news web)

More News »