වේත‍්‍රධාරීවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට ඉදිරියේදී උත්තර බඳින්න වෙයිලු

2018-12-06 12:41:00       391
feature-top
පාර්ලිමේන්තුවේ ඉකුත්දා ඇති වූ නොසන්සුන් අවස්ථාවන්හිදී වේත‍්‍රධාරීවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා කටයුතු කළ ආකාරය සම්ප‍්‍රදායන්ට පටහැනි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

සෙංකෝලයට හෝ නියමිත ගෞරවය ලබාදීමට ඔවුන් අපොහොසත් වූ බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් උල්ලංඝණය කිරීම පිළිබඳ වගඋත්තර කීමට වේත‍්‍රධාරීවරයාට සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට ඉදිරියේදී සිදුවනු ඇතැයි ද මහින්ද යාපා අබේවර්ධන මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මෙම අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (06) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.
(under the courtesy of nethnews.lk news web)

More News »