තම රටේ ආරක්ෂාවට වෙනත් රටක අවසරයක් අවශ්‍ය නෑ

2018-12-03 09:22:00       724
feature-top
ඉදිරියේදී මිසයිල අත්හදාබැලීම් හා ඒවා වර්ධනය කිරීම නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඉරානය පවසා තිබේ.

කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් හා සිය විරුද්ධ වාදීන්ගේ අපේක්ෂාවන්ට එරෙහිවත් මෙම පියවර ගන්නා බව ඉරාන ජේෂ්ඨ හමුදා මාධ්‍ය  ප්‍රකාශකවරයා ඊයේ (02) දිනයේදී සඳහන් කර ඇත.

සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් වෙනත් කිසිදු රටක අවසරයක් අවශ්‍ය නොවන බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනාව උල්ලංගණය කරමින් ඉරානය විසින් බැලැස්ටික් මිසයිල අත්හදා ඇති බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් පසුගියදා චෝදනාවක් එල්ල කළ අතර  ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කර තිබේ.
(under the courtesy of adaderana.lk news web)

More News »