ටෙස්ට් පන්දු යවන්නන් අතර කගීසෝ නැවතත් පෙරමුණට

2018-11-29 09:12:00       678
feature-top
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ සටහනේ නැවත වරක් පෙරමුණ හිමි කර ගැනීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා සමත් වී තිබේ.

23 හැවිරිදි කගිසෝ රබාඩා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇති  නවතම ටෙස්ට් පවන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ සටහනේ ප්‍රසාද ලකුණු 882ක් රැස් කර ගනිමින් පෙරමුණ හිමි කර ගෙන තිබේ.

එම නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩර්සන්.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න 7 වන ස්ථානයේ පසු වෙයි.

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එම ශ්‍රේණිගත කිරීමේ හිමිව ඇත්තේ 11 වන ස්ථානයයි.


(under the courtesy of adaderana.lk news web)

More News »