එංගලන්තයට ජය

2018-11-28 09:58:00       727
feature-top
පාකිස්ථාන ඒ කණ්ඩායම සමඟ පැවැති නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 06ක ජයක් හිමිකරගෙන ඇත.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන ඒ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුලු 07ක් දැවී ලකුණු 289ක් රැස් කළේය.

මොහොමඩ් සාඩ් ලකුණු 117 ක් රැස් කළ අතර මොහොමඩ් රිස්වාන් ලකුණු 98 කි.

පන්දු යැවීමේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් සකිබ් මහමුඩ් කඩුලු 03ක් ද ජැමී ඕවටන් කඩුලු 02ක් ද දවා ගැනීමට ද සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දුවාර 47යි එක් පන්දුවකදී කඩුලු 04ක් දැවී ලකුණු 290ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

ඇලෙක්ස් ඩේවිස් ලකුණූ 76 ක් හා සෑම හේන් ලකුණු 69 ක් රැස් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »