නවසීලන්-පාකිස්ථාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අදයි

2018-11-24 10:32:00       615
feature-top
නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද(24) ආරම්භ වීමට නියමිතය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී එම තරඟය ආරම්භ වීමට නියමිතයි.

තරඟ තුනකින් යුත් දෙරට අතර ටෙස්ට් තරඟාවලියේ එකට බින්දුවක් ලෙස මේ වන විට නවසීලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසුවෙයි.

දෙරට අතර පැවති තරඟ තුනකින් යුත් 20/20 ක්‍රිකට් තරඟාවලිය තුනට බින්දුවක් ලෙස පාකිස්ථාන කණ්ඩායම ජයගත් අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයට පත්විය.
 


(under the courtesy of adaderana.lk news web)

More News »