වන රක්ෂීතයක් වෙල් යායක් වෙයිද ?

2018-11-21 03:51:00       294
feature-top
පෙලොන්නරුව-අරණගන්විල 503 කලාපයේ වෙල් යායට යාබදව වන රක්ෂණ අධිකාරියට සහ මහවැලි අධිකාරියට අයත්වන මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ කොටසක්රක් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් එළි පෙහෙළි කර ඇති බව වාර්තා වේ.

මෛත්‍රී ගොවි සංවිධානය ලෙස හදුන්වමින් යම් කිසි පිරිසක් විසින් මෙම පාරිසරික විනාශය සිදු කරන බවට ප්‍රදේශවාසින් චෝදනා කරයි.

මෙම රක්ෂිතයේ ඵෙතිහාසික වටිනාකමකින් යුක්ත පුරාවස්තු සහ ස්මාරක රැසක්ද පවතින බවට සාක්ෂි තිබේන බවද අද දෙරණ වාර්තාකරු පවසයි.

මිට අමතරව කළුවර, මිල්ල, හල්මිල්ල, වීර ,පළු යන වටිනා ශාක රාශියක් තිබෙන  බවද ඔවන්  පවසයි.

වන රක්ෂිතය තුළ ජිවත්වන වන අලිද මෙම එළි පෙහෙළි කිරිමත් සමඟ රක්ෂිතය ආශ්‍රිතව තිබෙන ගම්වලට කඩා වදින බව ප්‍රදේශවාසින් පවසයි.

කෙසේ වෙතත් මේ ස්ම්බන්ධයෙන් ප්‍රදේශවාසින් විසින් අදාල අංශ දැනුම්වත් කළ කළද නිසි පිළිතුරක් නොලැබෙන බවට ඔවුන් චෝදනා කරයි.

මහවැලි අධිකාරියේ මෙම වන රක්ෂීතය භාරව වැඩ කරන නිළධාරින්  මෙම විනාශය සම්බන්ධයෙන් දැනුම්වත් කළ අවස්ථාවේදි ඔහු පළමුවනේ අදාල බැකො යන්ත්‍රය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබු බවත් පසුව එය නිදහස් කර ඇත.

කෙසේ වෙතත් මෙම මෛත්‍රී ගොවි සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරන ඉඳුනිල්  චාමර නම් පුද්ගලයාගෙන් විමසු විට ඔහු  පවසා ඇත්තේ මෙලෙස හෙළි පෙහෙලි කරන්නේ වසර කිහිපයකට පෙර කුඹුර ඉඩම් බවත් තමන් ඇතුළු සංගමයේ අනෙතුක් සමාජිකයන්ට ගොවිතැන් කිරිම සඳහා නීත්‍යානුකූල අවසරයක් ලැබි ඇති බවත්.


(under the courtesy of adaderana.lk news web)

More News »