අරලිය මැදුරේ සමනල ජීවිතය ඉවරයි..පොදු දේපල පනත ක‍්‍රියාත්මක කෙරේ..වන්දි අය කර ගනී..

2018-11-21 03:05:00       2721
feature-top
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් තව දුරටත් අරලියගහ මන්දිරය පරිශ්‍රයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඔවුන් නීතිය හමුවට පමුණුවා වන්දි අයකර ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම වන්දි මුදල අයකර ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොදු දේපල පනත යටතේ ඉතා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
(under the courtesy of lankacnews.com news web)

More News »