ඉන්දීය-ඔස්ට්‍රේලියා 20යි 20සේ පළමු තරඟය අදයි

2018-11-21 12:27:00       714
feature-top
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද(21)  ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හීදී පැවැත්වීමට නියමිතය.

දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය සඳහා තරඟ 3ක් ඇතුළත් වෙයි.  

මේවන විට දෙරට අතර පැවැති විස්සයි විස්ස තරඟ 15කින් තරඟ 10 ජය ඉන්දියාව සතු කර ගත්තේය.

ඒ අනුව අද ආරම්භ වන තරඟාවලිය ඔස්ට්‍රේලියා කණ්ඩායම තරඟ 3ට 0ක් ලෙස ජයගත හොත් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ සටහනේ 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකි වෙයි.

එසේ වුවහොත් 3 වන ස්ථානයේ රැඳී සිටින එංගලන්ත කණ්ඩායමට සිව්වන ස්ථානය දක්වා පහත වැටීමක් සිදු වෙයි.


(under the courtesy of adaderana.lk news web)

More News »