සිරුරට ගිනි ඇවිලී දේශපාලඥයෙක් රෝහලේ

2018-11-21 12:17:00       295
feature-top
මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද (21) දහවල් කසළ ගොඩකට ගිනි අවුලමින් සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් අධික ලෙස පිළිස්සුම් තුවාල ලබා මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත් කර තිබේ.
 
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල කැටවත්ත ගම්මානයේ පදිංචි 36හැවිරිදි ඩී. ආර්. සී දිසානායක නැමැති මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකි.    

කුඹුරේ තිබූ කසළ ගොඩකට ගිනි තබා එයට ගිනි ඇවිලවීම පිණිස කසළ ගොඩ එහා මෙහා කිරීමේදී අනෙක් අතේ තිබූ පෙට්‍රල් බෝතලය එක් වරම ගිනි ගොඩට විසිවී ගිනි ඇවිලීමෙන් ඔහු මෙලෙස තුවාල ලබා තිබේ.   

ගිනි ඇවිලීමෙන් ඔහුගේ මුහුණ දෑත් දෙපා ඇතුලු ස්ථාන රැසකට පිළීස්සුම් තුවල සිදුව තිබේ.  


 


(under the courtesy of adaderana.lk news web)

More News »