විපක්‍ෂයට අගමැති වැය ශීර්ෂ කපන්න බෑ.. අගමැති වෙනුවෙන් ජනපති කඩුව ගනී..

2018-11-21 10:23:00       386
feature-top
විපක්‍ෂය විසින් මහින්ද රාජපක්ෂ අගමැතිගේ වැය ශීර්ෂය කප්පාදු කිරීම ඇතුළු මුල්‍ය යෝජනා ගෙන ඒමට යෝජනා කිරීම නීති විරෝධී බවත් එවන් යෝජනා කිසිදු වලංගුතාවක් නැති බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ යයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග නොතකා විපක්ෂය විසින් ගෙන එන කිසිම යෝජනාවක් වලංගු නැති බවත් ඇමතිවරයා කියා සිටී.

ජනාධිපතියරාගේ ප‍්‍රධානත්වයෙන් සන්ධාන පක්ෂ නායකයන් සමඟ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු ගැන සාකච්චා කල බවත් නානායක්කාර මහතා පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »