බෝම්බ ප්‍රහාරයකින් 40කට වැඩි පිරිසක් මිය යයි

2018-11-21 08:51:00       698
feature-top
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයින් 40කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදේස් මාධ වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානයේ  කාබුල් අගනගරයේ ආගමික විද්වතුන් රැස්ව සිටි ස්ථානයකට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන් වේ.

ප්‍රහාරයෙන් මේ වන විට 100කට ආසන්න පිරිසක් තුවාල වි ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාර ගෙන නොමැත.

එහෙත් තලෙයිබාන් ත්‍රාස්ත සංවිධානය මෙම ප්‍රහාරය හෙළා දකින බව නිවේදය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (20) පැවති නබි තුමාගේ උපන් දිනය සැමරීම සඳහා මෙම පිරිස රැස්වි ඇති බව වාර්තාවේ.

මෙම බෝම්බ ප්‍රහාරය ආසන්නතම මාස කිහිපය තුල කාබුල් නගරයේ සිදු වු මාරාන්තික ප්‍රහාරවලින් එකක් බවද සඳන් වේ.


පිපිරුම සිදුවූ අවස්ථාවේ දී එහි පුද්ගලයන් 1000 ක් පමණ එම ස්ථානයේ සිටි බව පැවසේ.


(under the courtesy of adaderana.lk news web)

More News »