ඉදිරි පැය 24 තීරණාත්මකයි

2018-11-20 06:11:00       673
feature-top
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ  මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය බස්නාහිර දෙසට ගමන් කරනු ඇතැයි ද බලාපොරොත්තු වෙයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රාදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු පළාතේ ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 100-150 ක් අතර තද වැසි ඇති විය හැකි අතර, විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ලා, මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.

උතුරු පළාතේ හම්බන්තොට, මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල හරහා හමන පැයට කිලෝමීටර 40-50 ක පමණ වන තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකියි.


(under the courtesy of adaderana.lk news web)

More News »